ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නේටෝ අභ්යාස යුද්ධයකට පෙළඹවීමක් - ජර්මනිය
නැගෙනහිර යුරෝපයේ සිදුවන නේටෝ සංවිධානයේ යුද අභ්යාස හේතුවෙන් යුද්ධයකට පෙළඹවීමක් ඇතිවන බව ජර්මනියේ විදේශ අමාත්ය ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටේයින්මියර් චෝදනා කරයි.
ඔහු පැවසුවේ මේ මාසයේ දී නේටෝ හමුදා විසින් කරනු ලැබූ ඇතැම් ක්රියාන්විත කලාපයේ ආරක්ෂාවට බලපෑ හැකිවන අතර රුසියාව ප්රකෝපයට පත්කළ හැකි බවයි.
එම යුද අභ්යාස වෙනුවට රුසියාව සමග සංවාදයක් සහ සහයෝගයක් ඇතිවන අන්දමේ අභ්යාසයන් යෙදෙන ලෙසයි නේටෝ මිත්ර හමුදාවන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ.
රුසියාව පෝලන්තයට ප්රහාරයක් එල්ල කිරීමේ අනුකාරක අභ්යාසයක් නේටෝ හමුදා විසින් ජුනි 7 වැනිදා සිදුකර තිබේ.
සති දෙකක කාලයක් පැවති මෙම යුද අභ්යාසයේ දී ඇමරිකානු හමුදා භටයන් 31,000 ක් සහ පෝලන්ත භටයන් 12,000 ක්ද බ්රිතාන්ය හමුදා භටයන් 1000 ක් ද සහභාගී වී තිබුණි.
එමෙන්ම ප්රහාරක ජෙට් යානා ප්රහාරක නැව් ඇතුළු වාහන 3000 ක් මෙම අභ්යාසයේ දී යොදාගත් බවයි වාර්තා වන්නේ.
ජර්මනියේ 'බිල්ඩ් ඇම් සොන්ටාග්' පුවත්පතේ පළවීමට නියමිත සම්මුඛ සාකච්චාවකදී ජර්මානු විදේශ අමාත්ය ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටේයින්මියර් පවසා ඇත්තේ තව දුරටත් යුද්ධයකට පෙළඹවීමක් ඇති කිරීම නොකළ යුතු බවයි.
"කවුරුහරි හිතනවානම් සංකේතාත්මක යුද ටැංකි පෙරහරකින් නැගෙනහිර දේශ සීමාවට ආරක්ෂාව ලැබෙනව කියල ඒක ලොකු වැරදීමක්" යනුවෙනුයි ඔහු ප්රකාශ කළේ.
පැරණි ගැටුම් අලුත් කිරීමට කටයුතු නොකළයුතු බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
වසර දෙකකට වරක් සිදු කෙරෙන එම යුද අභ්යාස මගින් ආරක්ෂක තර්ජනයකට මුහුණ දීමට නේටෝ හමුදාවන්ට ඇති හැකියාව උරගා බැලීමයි සිදුවන්නේ.
එහෙත් රුසියාව නොකඩවා පැවසුවේ තම රටේ දේශසීමාවට නුදුරින් නේටෝ හමුදා සිටීම ආරක්ෂාවට තර්ජනයක් බවයි රුසියාව වරින් වර ප්රකාශ කළේ.