BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • මෙල්බර්න් විහාරස්ථානයකදී 'දැරියන් 6 දෙනෙකු අපයෝජනය කළ' නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවම්

    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි සිය විහාරස්ථානයේදී බාල වයස්කාර ගැහැනු දරුවන් හය දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ. ABC පුවත් සේවය වාර්තා කර ඇත්තේ, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විසින් මෙම හිමි නමගේ ක්‍රියාවන් විශ්වාසය "පාවාදීමක්" ලෙස හඳුන්වනු ලැබ ඇති බව ය.

  • අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා ගැන අධිකරණය ගත් තීන්දුව

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (ඔක්. 7) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ, කොළඹ කිරුළපන ප්‍රදේශයේ පිහිටි නිවසේදීය. රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් ලක්ෂ 100ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇය අත්අඩංගුවට ගැනිණි.

  • ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි අල්ලස් නඩුව: මූලික විරෝධතාව ප්‍රතික්ෂේප යි; අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවට අදාළව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධාතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (ඔක්තෝබර් 8 වැනිදා) නියම කළේ ය.

  • මරණීය එන්නත් අසාර්ථක වීමෙන් පසු මරණයෙන් මිදුණු ක්‍රිස්ටා පයික් සිහිය ලැබීමෙන් පසු පැවසුවේ කුමක් ද?

    50 හැවිරිදි පයික් තවදුරටත් දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, රෝහල් ඇඳ මත අත් සහ පාද බැඳ තබා ඇති බව බදාදා පැවති අධිකරණ විභාගයකින් අනතුරුව ඇගේ නීතිඥවරු මාධ්‍ය වෙත පැවසූහ. නීතිඥ රැන්ඩි ස්පයිවි සඳහන් කළේ, පසුගිය දින කිහිපය පුරා ඇය මොළය අකර්මණ්‍ය වී ඇති බවට ඇගේ නීතිඥ කණ්ඩායම විශ්වාස කළ අතර, ඕනෑ ම මොහොතක ජීවිත ආධාරක උපකරණ ඉවත් කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළ බව ය. කෙසේ වෙතත්, "සියලු දෙනා ම කම්පනයට පත් කරමින්" අඟහරුවාදා ඇය නැවත කතා කිරීමට පටන්ගෙන තිබූ අතර, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ උත්සහය පිළිබඳව ඇයගේ මතකයේ තිබුණේ, සීමිත තොරතුරු කිහිපයක් පමණක් බව ස්පයිවි පැවසීය.

  • Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා

    2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි