BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
මෙල්බර්න් විහාරස්ථානයකදී 'දැරියන් 6 දෙනෙකු අපයෝජනය කළ' නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවම්
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි සිය විහාරස්ථානයේදී බාල වයස්කාර ගැහැනු දරුවන් හය දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ. ABC පුවත් සේවය වාර්තා කර ඇත්තේ, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විසින් මෙම හිමි නමගේ ක්‍රියාවන් විශ්වාසය "පාවාදීමක්" ලෙස හඳුන්වනු ලැබ ඇති බව ය.
අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා ගැන අධිකරණය ගත් තීන්දුව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (ඔක්. 7) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ, කොළඹ කිරුළපන ප්‍රදේශයේ පිහිටි නිවසේදීය. රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් ලක්ෂ 100ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇය අත්අඩංගුවට ගැනිණි.
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි අල්ලස් නඩුව: මූලික විරෝධතාව ප්‍රතික්ෂේප යි; අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවට අදාළව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධාතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (ඔක්තෝබර් 8 වැනිදා) නියම කළේ ය.
මරණීය එන්නත් අසාර්ථක වීමෙන් පසු මරණයෙන් මිදුණු ක්‍රිස්ටා පයික් සිහිය ලැබීමෙන් පසු පැවසුවේ කුමක් ද?
50 හැවිරිදි පයික් තවදුරටත් දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, රෝහල් ඇඳ මත අත් සහ පාද බැඳ තබා ඇති බව බදාදා පැවති අධිකරණ විභාගයකින් අනතුරුව ඇගේ නීතිඥවරු මාධ්‍ය වෙත පැවසූහ. නීතිඥ රැන්ඩි ස්පයිවි සඳහන් කළේ, පසුගිය දින කිහිපය පුරා ඇය මොළය අකර්මණ්‍ය වී ඇති බවට ඇගේ නීතිඥ කණ්ඩායම විශ්වාස කළ අතර, ඕනෑ ම මොහොතක ජීවිත ආධාරක උපකරණ ඉවත් කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළ බව ය. කෙසේ වෙතත්, "සියලු දෙනා ම කම්පනයට පත් කරමින්" අඟහරුවාදා ඇය නැවත කතා කිරීමට පටන්ගෙන තිබූ අතර, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ උත්සහය පිළිබඳව ඇයගේ මතකයේ තිබුණේ, සීමිත තොරතුරු කිහිපයක් පමණක් බව ස්පයිවි පැවසීය.
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නව නීති දැන් ක්‍රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු
ශිෂ්‍ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්‍ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?
රිය ධාවනය කරන අතරතුර වනඅලියෙකු හමු වුණොත් කළ යුත්තේ කුමක් ද?
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මහමග ගමන් කරන අතරතුර වන අලි හමුවීම සමහර රියැදුරන්ට සහ මගීන්ට අලුත් අත්දැකීමක් නොවේ. කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් වීඩියෝවල දැක්වෙන්නේ එවැනි අවස්ථාවලදී වාහනවල සිටින පුද්ගලයින් වන අලින්ට ආහාර ලබා දී හෝ අලියාට ඉතා ආසන්නයෙන් ගමන් කර එම සත්වයා මගහැර යාමට උත්සහ දරන ආකාරය යි.
ඔබේ දරුවා සෝෂල් මීඩියාවල 'ස්ටාර්' කෙනෙක් ද? නැත්නම් 'ගොදුරක්' ද?: අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්
"අපේ පුතා කියන 'සත්‍ය බොහෝ ම කටුකයි' කියන වීඩියෝ එක වෛරල් යද්දී මම වයිෆ්ට කිව්වා මේක අපි අයින් කරමු කියලා. පස්සේ ඒ වීඩියෝ එක දැකලා පුතාගේ පෙරපාසල් ගුරුවරිය කතා කරලා කිව්වා ඒක අයින් කරන්න එපා කියලා. ඒ වගේ ම දරුවට දැන් මීඩියා ඉගෙන ගන්න අවස්ථාවකුත් ඒ නිසා ම ලැබිලා තියෙනවා," එම දරුවාගේ පියා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.



















































