හින්දු ආගම ගැන පොතක් ඉන්දීය වෙළඳ පොළෙන් ඉවතට

ඡායාරූප මූලාශ්රය, Penguin India
Published
ඇමරිකානු ශාස්ත්රඥ වරියක් හින්දු ආගම පිළිබඳව ලියූ ග්රන්ථයක් වෙළඳ පොළෙන් ආපසු කැඳවීමටත් සියළු පිටපත් විනාශ කර දැමීමටත් පෙන්ගුයින් ප්රකාශන සමාගමේ ඉන්දීය ශාඛාව පියවර ගෙන තිබේ.
ඉන්දීය නීතියට ගරු කිරීම සඳහා බැඳී සිටින හෙයින් මෙම පියවර ගත් බවයි පෙන්ගුයින් ප්රකාශන සමාගමේ ඉන්දීය ශාඛාව කියා සිටින්නේ.
'The Hindus: An Alternative History' නමින් ඉංග්රීසි බසින් මෙම පොත රචනා කර ඇත්තේ චිකාගෝ විශ්ව විද්යාලයේ මහාචාර්යවරියක වන වෙන්ඩි ඩොනිගර් (Wendy Doniger).
තමන් හින්දු ආගමට පහර ගසා ඇති බවටත් හින්දු භක්තිකයන් කාමුකයන් ලෙස හඳුන්වා ඇති බවටත් අන්තර්ජාලයේ බ්ලොග් කරුවන් චෝදනා කර ඇති බවයි වෙන්ඩි ඩොනිගර් පවසන්නේ.
























