කැනඩාවේ ලිංගික සේවයට අදාලව තීරණාත්මක තීන්දුවක්

Published
ලිංගික සේවයට අදාලව තීරණාත්මක තීන්දුවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ලිංගික සේවයට අදාලව තීරණාත්මක තීන්දුවක්

කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබේ.

මෙතෙක් එරට ගණිකා නිවාස තහනම් කොට තිබූ අතර වීථිවල ලිංගික සේවා සපයන්නන් විසින් කෙරෙන ඇවිටිලි කිරීමද තහනම් කොට තිබිණ.

නමුත් අධිකරණ තීන්දුවත් සමඟ මේ සියල්ල වෙනස් වීමට යයි.

ලිංගික සේවයේ යෙදී සිටි සහ දැනට සේවයේ යෙදී සිටින කාන්තාවන් විසින් එම නීති අභියෝගයට ලක් කරමින් ගොනු කළ නඩුවක් විභාග කිරීමෙන් පසුවයි ශ්‍රේෂ්ඨාධිකරණ මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

කැනඩාවේ ලිංගික වෘතිකයන්ගේ සංවිධානයේ ජූලියා ග්රාන්ට් (Julie Grant) පවසන්නේ පැවතුන නීති මගින් ලිංගික සේවයේ යෙදෙන්නන් අනතුරට පත් කොට තිබුණ බවයි.