පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වැඩ එළි වේ
Published
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල වඩාත් කාර්යක්ෂම මන්ත්රීවරුන් පස් දෙනා අතරින් හතර දෙනකු ම විපක්ෂයෙන් තේරී පත් වූ වන් බව පර්යේෂකයන් කණ්ඩායමක් පවසයි.
මහජන නියෝජිතයන් 225 දෙනකු ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ක්රියාකාරිත්වය නිරීක්ෂණය කරන <link type="page"><caption> manthri.lk</caption><url href="http://www.manthri.lk/?locale=si" platform="highweb"/></link> තම සමීක්ෂණය සඳහා යොදා ගෙන ඇත්තේ 2013 අගෝස්තුව දක්වා වසරක් ඉක්මවූ කාලයයි.

ඡායාරූප මූලාශ්රය, Manthri.lk
සමීක්ෂණය කළ වෙරිටේ ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය නිශාන් ද මැල් බීබීසී සංදේශයට කියා සිටියේ ඡන්ද දායකයන්ට තමන් තෝරා ගත් නියෝජිතයන් කොයි තරම් සේවයක් පාර්ලිමේන්තුව තුල දී ඉටු කරන්නේ ද යන්න එමගින් තක්සේරු කළ හැකි බවයි.
වඩා ම කාර්ය ශූර මන්ත්රීවරුන් කවුදැ’යි නිශාන් ද මැල් ට සවන් දී බලන්න.