ක්රිකට්: මොහාලි තරගයෙනුත් එංගලන්තය පරදා ඉන්දියාව ජයගනියි

ඡායාරූප මූලාශ්රය, Reuters
මොහාලි ක්රීඩාංගණයේ පැවති එංගලන්තයට එරෙහි තුන් වෙනි ටෙස්ට් තරගයත් ජයග්රහණය කිරීමට ඉන්දීය ක්රිකට් කණ්ඩායම සමත්විය.
මේ අනුව තරග පහකින් සමන්විත ශූරතාවලියේ තරග දෙකක් ජය ගෙන ඉන්දියාව ඉදිරියෙන් සිටියි. ලබන දෙසැම්බර් 08 වැනි දින මුම්බායි නගරයේදී ආරම්භ වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවුවහොත් ඉන්දියාවට සමස්ත ශූරතාවලියේ ජය අත්වේ.
සඳුදා දිනය අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 78 ක් රැස් කරගෙන සිටි එංගලන්ත කණ්ඩායමේ සියලු ක්රීඩකයෝ අද ලකුණු 236 කට දැවී ගියහ.
ඉන් අනතුරුව කිසිදු කඩුල්ලක් නොදැවී සිය ඉලක්කය වූ ලකුණු 103 හඹායාමට ඉන්දීය ක්රීඩකයෝ සමත්වූහ.

ඡායාරූප මූලාශ්රය, Reuters
ඒ අනුව ඉන්දියාව මේ වනවිට පිට පිටම ටෙස්ට් තරග 16 ක ජයග්රහණය අත්පත් කරගැනීමට සමත් වී සිටියි.
එමෙන්ම ඉන්දියාවේ පැවැත්වුණු අවසාන ටෙස්ට් තරග 17 ක්ම පරාජයෙන් බේරීමට දැනට ලොව අංක එක ස්ථානය හොබවන ඉන්දියාව සමත් වී සිටී.
ප්රතිවාදී එංගලන්ත කණ්ඩායම මෑතදී මුහුණ දුන් ටෙස්ට් තරග හයෙන් හතරක්ම පරාජය විය.
























