ක්‍රිකට්: පළමු එක් දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගය
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු අටක පරාජයක්
Published

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු සීමිත එක්දින ඕවර ක්‍රිකට් තරඟයෙන් දකුණු අප්‍රිකාව කඩුලු අටක පහසු ජයග්‍රහණයක් වාර්තා කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 181 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් පන්දු 94 කට මුහුණ දී ලකුණු 62 ක් රැස්කිරීම කැපී පෙනිණ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි දකුණු අප්‍රිකානු පිතිකරුවෝ කඩුලු දෙකක් දැවී ලකුණු 185 ලබා ගනිමින් පහසු ජයක් ලබාගත්හ.

ශ්‍රී ලංකා යොවුන් පිලට යොවුන් ශූරතාවලියේ ජයග්‍රහණය
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා යොවුන් පිලට යොවුන් ශූරතාවලියේ ජයග්‍රහණය

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකාවට පැමිණ සිටින හෙයින් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ උපුල් තරංග විසිනි.

මීට ඉහතදී දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජයට පත්වූ නමුත් ඉන් අනතුරුව පැවති විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මේ අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19 න් පහල ශූරතාවලියේ අවසාන තරගය ලකුණු 77 කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල තුන්-කොන් යොවුන් ශූරතාවලියේ ජයග්‍රහණය අත්කර ගත්තේය.