නාමල් රාජපක්ෂ රග්බි කණ්ඩායමේ නායකත්වයට

Sri Lanka rugby team
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනපති පුත් යෝෂිත, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයායි
Published

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ.

එළඹෙන සෙරන්ඩිබ් ශූරතාවලිය වෙනුවෙනුයි, ශ්‍රී ලංකා නාවුක හමුදා කණ්ඩායමට ක්‍රීඩා කරනමන්ත්‍රීවරයා නායකත්වයට පත් කොට තිබෙන්නේ.

නාමල්ට පෙර ඔහුගේ බාල සොහොයුරු යෝෂිත රාජපක්ෂ කණ්ඩායමේ නායකත්වය ඉසුලූ අතර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් නොතකා හරිමින් ජනාධිපතිවරයාගේ බාල පුතුට නායකත්වය ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබිණ.