මොහමඩ් අලිගේ අත්වැසුම්වලට ඉහල ඉල්ලුමක්

Published

බොක්සිං ශූර මොහමඩ් අලි ප්‍රථම වතාවට ලෝක ශූරතාවය දිනාගත් අවස්ථාවේ පැළඳ සිටි අත්වැසුම් යුගලක් නිවුයෝක් නුවර පැවති වෙන්දේසියකදී ඩොලර් අට ලක්ෂ තිස් හය දහස් පන්සියයකට අලෙවි වී තිබේ.

එවකට කැෂියස් ක්ලේ නමින් හැඳින්වුණු ඔහු සොනි ලිස්ටන් පරාජය කරමින් ලෝක ශූරතාවය දිනා ගත්තේ මීට අඩසියවසකට පමණ ඉහතදී.

තරඟයෙන් අනතුරුව උඩ පනිමින් ප්‍රීතිය පළ කළ කැෂියස් ක්ලේ, "මමයි ශ්‍රේෂ්ඨයා," බව පවසමින්, "මම මුළු ලෝකයම හෙල්ලුවා," යනුවෙන්ද කෑගැසීය.