ක්රිකට්: ශ්රී ලංකාවට කඩුලු හතක ජයක්

ඡායාරූප මූලාශ්රය, AFP
කොළඹ පී සරා ඕවල් ක්රීඩාංගනයේ පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරඟයෙන් ශ්රී ලංකාව පාකිස්තානය පරාජය කොට කඩුලු හතක ජයග්රහණයක් අත්කර ගත්තේය.
මුල් ඉනිමේදී ශ්රී ලංකාව සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු 315ට පිළිතුරු වශයෙන් පාකිස්තානය රැස්කිරීමට සමත්වූයේ ලකුණු 138 ක් පමණි.
එහෙත් දෙවැනි ඉනිමේදී පාකිස්තානය ලකුණු 329 ක් රැස් කළ අතර, ශ්රී ලංකාව කඩුලු තුනක් පමණක් දවා ගනිමින් ජයග්රාහී ඉලක්කය හඹායාමට සමත්විය.
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ අර්ධ ශතකය සහ නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්ව ලකුණු 72 ක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තරඟයේ කැපී පෙනුන සිදුවීමක්.
මුල් තරඟයේ ජයග්රහණය පාකිස්තානයට හිමි වූ බැවින් තරඟාවලියේදී ශ්රී ලංකාව සහ පාකිස්තානය එක් තරඟයක් බැගින් ජය ගෙන සිටී.
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තුන් වැනි ටෙස්ට් තරඟය ලබන ජුලි 03 වැනිදා පල්ලෙකැලේ ක්රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
























