වවුනියාවේ බස් සේවකයෝ ගැටෙති

පොලිසිය මැදහත්වී බස් ධාවනය යථාතත්වයට පත් කිරීමට උත්සාහ දැරූ නමුත්
ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය මැදහත්වී බස් ධාවනය යථාතත්වයට පත් කිරීමට උත්සාහ දැරූ නමුත්
Published

වවුනියාවේ ලංගම සහ පෞද්ගලික බස් රථ සේවකයන් එකිනෙකාගේ රථ ධාවනයට අවහිර සිදුකිරීම හේතුවෙන් නගර මධ්‍යයේ ගැටුමක් හටගෙන ඇත.

මෙම අවහිර කිරීම් ප්‍රචණ්ඩකාරී වූ අතර ලංගම බස්රථ වවුනියාව බස්නැවතුම්පොලට කොටුකර තබා ගැණීමටද විරෝධතාකරුවන් කටයුතුකර තිබිණි.

පොලිසිය මැදහත්වී බස් ධාවනය යථාතත්වයට පත් කිරීමට උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක වූ අතර ප්‍රචණ්ඩකාරි පුද්ගලයින් ලංගම බස් රථයකට පහරදී හානි සිදුකරන තිබුණි.

දෙදෙනෙකු අත්අඩංගුවට
ඡායාරූප ශීර්ෂ වැකිය, දෙදෙනෙකු අත්අඩංගුවට

මෙම තත්වය හමුවේ මගීන් දැඩි අපහසුතාවයට සහ බියට පත්ව සිටි අයුරු දක්නට ලැබිණි .

ලංගම බස් රථයට පහර දීම හේතුවෙන් එක් පුද්ගල යෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ලංගම සේවකයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාකරුවෝ

ඊයේ (ජන. 16) ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා විසින් වවුනියාව නුවර පාරේ නව බස් නැවතුම්පලක් විවෘත කරන ලද අතර එය සියළුම පුද්ගලික බස් රථවලට හා දුර ගමන් සේවා ලංගම බස් රථ සඳහා වෙන්වූවකි.

විරෝධතා කරුවන් පවසන්නේ නගරයෙන් බැහැර නව බස් නැවතුමට තම පුද්ගලික බස්රථ රැගෙන යාම හේතුවෙන් තමන්ට මගින් නොමැතිවන අතර එහි වාසිය ලංගමයට පමණක් ලැබෙන බවය.