රවිරාජ් බිරිඳගෙන් යළි පෙත්සමක්

ලබන 03 වනදා අදාළ පෙත්සම් විභාගය කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය
Published

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීමට එරෙහිව එම මන්ත්‍රීවරයාගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය යළි සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කරයි.

එම පෙත්සම ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී රවිරාජ් පාර්ශවයේ නීතිවේදීන් කිසිවෙකු අධිකරණයේ පෙනී නොසිටීම නිසා එය ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීන්දු කර තිබුණි.

එහෙත් එම පෙත්සම යළි සලකා බලන ලෙස ඉල්ලමින් රවිරාජ් පාර්ශවයේ නීතිවේදීහු අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළහ.

එම මෝසම පිළිගත් අභියාචනාධිකරණය කලින් ප්‍රතික්ෂේප කළ පෙත්සම යළි සලකා බැලීමට අද (ජන. 24) තීන්දු කළේය.

ඒ අනුව ලබන 03 වනදා අදාළ පෙත්සම් විභාගය කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.