"ඇයි අපට මෙහෙම කරන්නේ?"

"යටත් වීමට ඇති අකැමැත්ත "
ඡායාරූප ශීර්ෂ වැකිය, "යටත් වීමට ඇති අකැමැත්ත "
Published

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කොට වලස්මුල්ලට පැමිණ එතැනින් කුට්ටිගල ප්‍රදේශයට පැමිණ සිටි අලි දෙදෙනකු වනජීවී නිලධාරින් විසින් අද (07) අල්ලා ගනු ලැබුණි.

එම අලි දෙදෙනා මාසයකට වැඩි කාලයක් ඔවුන් ගමන්ගත් ප්‍රදේශය තුළ සැරිසරමින් සිටි බව ප්‍රදේශ වාසීහු පවසති.

වනජීවී පශු වෛද්‍යවරුන් වෘත්තීය ප්‍රශ්නයක් මුල්කර ගනිමින් අලි ඇල්ලීමෙන් ඉවත්ව සිටින හෙයින් ඉහත කී අලි දෙදෙනා අල්ලා ගැනීමේ මෙහෙයුම සිදුකරන ලද්දේ ගුවන් හමුදාවේ පශු වෛද්‍යවරුන් විසිනි.

අලි මෙහෙයුමට දින දෙකක් ගත වී ඇත
ඡායාරූප ශීර්ෂ වැකිය, අලි මෙහෙයුමට දින දෙකක් ගත වී ඇත
එක් අලියකු පාලනයට ගැනීමේ උත්සාහයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, එක් අලියකු පාලනයට ගැනීමේ උත්සාහයක්

පසුගිය මස 29 වනදා සිට මෙම වන අලින් දෙදෙනා කුට්ටිගල ප්‍රදේශයේ රැදී සිටීමත් සමඟ ප්‍රදේශයේ ජන ජීවිත අවදානම් තත්වයකට ලක්ව ඇති බව පවසමින් කුට්ටිගල පොලිසිය ඇඹිලිපිටිය අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව සිදු කරන ලද දින දෙකක මෙහෙයුමකින් පසූ අද (ඔක්තෝබර් 07) දින මෙම වන අලින් දෙදෙනා අල්ලාගනු ලැබ ඇත.

තවත් ප්‍රයත්නයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, තවත් ප්‍රයත්නයක්

එම මෙහෙයුමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ,උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී නිලධාරින් , සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේද සහයෝගය ලැබුණි.

වයස අවුරුදු 15 ත් 18 ක් පමණ වන මෙම වන අලින් දෙදෙනා රැගෙන ගොස් රක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළහ.

පාලනයට ගෙන ඇති ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, පාලනයට ගෙන ඇති ආකාරය