එස්.එස් රණසිංහ නව නාවික හමුදාපති ලෙස පත්වීම් ලබයි

නාවික හමුදාපති ධුරයට පත්වීමත් සමග රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ, වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ ඇති
ඡායාරූප ශීර්ෂ වැකිය, නාවික හමුදාපති ධුරයට පත්වීමත් සමග රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ, වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ ඇත
Published

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ පත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව අදාළ පත් කිරීම සිදු කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව නව පත්වීම බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 26) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

නාවික හමුදාපති ධුරයට පත්වීමත් සමග රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ, වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ ඇති බවත් ඉහත කී නිවේදනයේ සඳහන් වේ.

රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ සිය පත්වීම් ලිපිය අද (ඔක් 25)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු අතින් භාරගනු ලැබීය.

හිටපු නාවික හමුදාපති

නව නාවික හමුදාපතිවරයා
ඡායාරූප ශීර්ෂ වැකිය, වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා

පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා පනස් පස් වෙනි විය සපිරීමත් සමග සේවා දිගුවක් ලබා දෙන ලෙස නාවික හමුදාපති ධුරයේ සිටි වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

සාමාන්‍යයෙන් සේවා දිගුවක් වසරක් වැනි කාලයකට ලබා දෙන නමුත් ජනාධිපතිවරයා විසින් වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා වෙත ලබා දෙනු ලැබුවේ මසක සේවා දිගුවකි.

පසුගිය අගෝස්තු 18 වෙනිදා නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා කෙටිම කාලයක් එම ධුරයේ කටයුතු කළ නාවික හමුදාපතිවරයා වේ.

පනස් වසරකට ආසන්න කාලයකට පසු එවැනි ධුරයක් දැරූ පළමු දෙමළ ජාතිකයා ඔහු වූ අතර නිදහසෙන් පසු නාවික හමුදාපති ධුරයට පත් දෙවන දෙමළ ජාතිකයා ලෙසත් ඔහු ඉතිහාසයට එක් වේ.

සබැඳි යොමු: