බදියුදීන් අමාත්යවරයාට එරෙහි පෙත්සමක්

ඡායාරූප මූලාශ්රය, Sri Lanka Supreme Court
මන්නාරමේ මහේස්ත්රත්වරයාට තර්ජනය කිරීමේ චෝදනාවක් පිළිබඳව කරුණු විමසීමට රිෂාර්ඩ් බදියුදීන් අමාත්යවරයා අධිකරණයට කැඳවන්නැයි නීතිවේදීන් හත් දෙනක් විසින් පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.
මෙම පෙත්සම අභිආයාචානා අධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත වැඩි දුර කටයුතු සඳහා යොමු කොට ඇති බව අභිආයාචානා අධිකරණයේ ප්රකාශකයෙක් කියා සිටියේය.
ඇමති බදියුදීන් උසාවියට අපහාස කොට ඇති හෙයින් ඔහුට දඬුවම් කළ යුතු බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.
මෙතෙක් ඇමතිවරයා අත්අඩංගුවට නොගැනීම ගැන තම අප්රසාදය පල කළ නීතිවේදී ක්රිශාන්ත වැලිඅමුණ ප්රකාශ කොට සිටියේ මේ සිදුවීම ජනාධිපතිවරයා විසින් වහාම හෙළා දැකිය යුතු බවයි.
" ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනතාව තහවුරු කිරීමට වහාම පියවර ගන්න ඕන" යැයි නීතිවේදී ක්රිශාන්ත වැලිඅමුණ ප්රකාශ කළේය.
රිෂාර්ඩ් බදියුදීන් අමාත්යවරයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම ගැන කොළඹ උසාවි සංකීර්ණයේදී නිහඩ විරෝධයක් පැවැත්විණ.























