සිහල රාවයේ හිමිවරුන්ට උද්ඝෝෂණ තහනම්
අධිකරණයට භාරවූ සිහල රාවය සංවිධානයේ ලේකම් අක්මීමන දයාරතන හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා හතර නමකට උද්ඝෝෂණ වල නිරත වීම වළකාලමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කොට ඇත.
ඉකුත් දා අග්රාමාත්ය කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීමට තැත් කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ඇත අඩංගුවට ගැනීමට නියම කර තිබු අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා හතර නමක් අද අධිකරණයට භාර වුහ.
ඉන් අනතුරුව රුපියල් දෙදහස් පන්සීය බැගින් වූ පුද්ගලික ඇප මත සැකකාර හිමිවරු මුදා හල අධිකරණය නඩු විභාගය අවසන් වනතුරු උද්ඝෝෂණ වලට සහභාගී වීමද තහනම් කළා .
පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධියට අදාලව තවත් භික්ෂුන් වහන්සේලා තුන් නමක් ඇත අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි.
ඒ අනුව පැමිණිල්ල මාර්තු මස 06 වනදා යලි කැඳවීමට නියම කල අධිකරණය එදිනට පරීක්ෂණවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි පොලිසියට නියම කෙරුණේ.