පොතුහැර දුම්රිය අනතුරක්

Published
පොතුහැර දී අද, බදාදා උදෑසන දුම්රිය දෙකක් ගැටීමෙන් මගීන් විශාල සංඛ්යාවක් තුවාල ලබා සිටිති.
තුවාල කරුවන් රෝහල් ගත කරනු ලැබ ඇති අතර ඔවුන්ගෙන් හතර දෙනකුගේ තත්වය බරපතළ බවත් වාර්තා වෙයි.
බොහෝ මගීන්සුළු තුවාල ලැබ ඇති බවයි රෝහල් ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ.
කොළඹ සිට පලාලි කරා ධාවනය වෙමින් තිබුණ දුම්රියක් පොතුහැර දුම්රිය නැවතුම් පොලේ නතර කර තිබුණ දුම්රියක මුහුණ මුහුණ ලා ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.
ගැටුන දුම්රියක මැදිරියක් අසල පිහිටි කුඹුරකට පෙරළී ඇත.
මගීන් හැත්තෑවක් පමණ තුවාල ලැබ ඇති බවයි,අලුතින් ලද වාර්තාවන්හි දැක්වෙන්නේ.
කුරුණෑගල දිස්ත්රික්කයට අයත් පොතුහැර දුම්රිය නැවතුම් පොළ පිහිටා ඇත්තේ කොළඹ සිට කිලෝ මීටර් අනූවක් පමණ ඈතිනි.
























