පකිස්තානයේ පිපිරීමකින් තිස්තුන් දෙනකු මරුට

ඡායාරූප මූලාශ්රය, AFP
පකිස්තානයේ සින්ද් පළාතේ ෂියා පල්ලියක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් තිස් තුන් දෙනකු ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
සින්ද් පළාතේ ශිකර් පූර් දිස්ත්රික්කයේ සිකුරාදා යාඥා මෙහෙය අවසන් වී සුළු වෙලාවකට පසු සිදු වූ එම පිපිරීමෙන් පුද්ගලයන් පනහකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
පිපිරීම හේතුවෙන් පල්ලියේ වහලය කඩා වැටී ඇති අතර පල්ලිය තුල සිටි පුද්ගලයන් සුන්බුන් අතර සිරවූ බවයි වාර්තා වන්නේ.
පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් යතුරුපැදි, මෝටර් රථ සහ ත්රීරෝද රථ මගින් රෝහල වෙත රැගෙන යන ආකාරය පකිස්තාන් මාධ්යය මගින් වාර්තා කරනු ලැබීය.

ඡායාරූප මූලාශ්රය, AFP
තාලිබාන් කැරලිකරුවන්ට සම්බන්ධ කණ්ඩායමක් වන ජුන්දුල්ල කැරලිකරුවන් ප්රහාරයේ වගකීම භාර ගෙන තිබේ.
පකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් සින්ද් පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි අගනුවර වන කරච්චි නගරයේ කළ සංචාරයකින් පසුවයි මෙම ප්රහාරය එල්ල කර තිබෙන්නේ.
























