මානව හිමිකම් වාර්තාව ප්රමාද නොකෙරෙන හැඩක්

ඡායාරූප මූලාශ්රය, AFP
සිකුරාදා (13) එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මුණ ගැසුන ශ්රී ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර සිය රටේ සිවිල් යුද සමයේ සිදු විනැයි පැවසෙන යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ප්රමාද කරනු ලැබීම සඳහා ශ්රී ලංකා ආණ්ඩුව තුළ පවත්නා අභිලාෂය පෙරට තැබූ බව එක්සත් ජාතීන්ගේ රාජ්යතාන්ත්රික ආරංචි මාර්ග මගින් පැවසෙයි.
නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදු වූ එම හමුවේ දී විශේෂයෙන් ම ශ්රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිඳියාව ඇතුළු වැදගත් ප්රමුඛතා පිළිබඳව සාකච්ඡා කෙරුණ බවයි වාර්තා වන්නේ.
එහෙත් ශ්රී ලංකාවේ යුද අපරාධ වලට අදාළව මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ෂයිඩ් රාඩ් අල් හුසේන් විසින් ලබන මාර්තු 25 වෙනි දින ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ප්රමාද කරනු ලැබීමේ ශ්රී ලංකා උවමනාව ගැන ඉහත කී සාකච්ඡාව සම්බන්ධයෙන් ප්රකාශිත එක්සත් ජාතීන්ගේ ප්රකාශනයන්හි කිසිවක් නොදැක්වෙයි.

ඡායාරූප මූලාශ්රය, AFP
පසුගිය දා වොෂින්ටනයේ දී ප්රකාශයක් කළ ශ්රී ලංකාවේ විදේශ ඇමතිවරයා කියා තිබුණේ, සිය රට තුළ අස්ථාවර භාවයක් පවතින අතර එම තත්වය යටතේ මානව හිමිකම් මණ්ඩලයේ වාර්තාව ලබන අගෝස්තු මාසයට හෝ වෙනත් කාලයකට ප්රමාද කරන මෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවයි.
මානව හිමිකම් වාර්තාව
මානව හිමිකම් මණ්ඩලයේ වාර්තාව ප්රමාද කරනු ලැබීමේ වැදගත්කම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමට මංගල සමරවීර විදේශ ඇමතිවරයා සිය සංචාරය උපයෝගී කර ගන්නා බවයි රාජ්යතාන්ත්රික නිලධාරීන් පවසන්නේ.
2009 දී අවසන් වූ ශ්රී ලංකා සිවිල් යුද්ධයේ දී සිදු කෙරුනැයි චෝදනා එල්ල කෙරෙන අපචාර පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට එහි සාමාජික රටවල අනුමැතිය ලැබුණි.
ශ්රී ලංකාවේ නව ආණ්ඩුව පවසන්නේ එල්ල වී අති චෝදනා විභාග කිරීමට අභ්යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන අතර අවශ්යතාවයක් උද්ගත වුවහොත් ජාත්යන්තර විශේෂඥයන් කැඳවන බවයි.
























