ශ්රීලනිප දේශපාලකයන් මහනුවර වේදිකාවේ

එළැඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කළ යුතු බවට ඉල්ලා සිටිමින් මහනුවර පැවැත්වෙන රැස්වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන්ද විශාල පිරිසක් සහභාගි වී සිටිති.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, ප්රාදේශීය නායකයන් ඇතුළු දේශපාලකයන් රැස්වීමට සහභාගිව සිටින බවයි එහි සිටින මාධ්යවේදී ප්රසාද් පූර්ණිමාල් ජයමාන්න බීබීසී සංදේශයට වාර්තා කරන්නේ.
එහෙත් පක්ෂයේ නායකයන් හෝ ජ්යෙෂ්ඨ දේශපාලකයන් එයට සහභාගිව සිටින බවක් වාර්තා නොවේ.
'උසාවි දැක්කීමේ සැලසුමක්'
වෙනත් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින් පක්ෂයේ අනුමැතියකින් තොරව සහභාගි නොවිය යුතු බව පක්ෂයේ ලේකම් <link type="page"><caption> අනුර ප්රියදර්ශන යාපා</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150303_slfp_media_banned" platform="highweb"/></link> මන්ත්රීවරයා පසුගියදා දැනුම් දුන්නේය.

එහෙත් එසේ සහභාගි වුවහොත් පක්ෂය කවර පියවරක් ගන්නේද යන්න පිළිබඳව පක්ෂය තීන්දුවක් ගෙන තිබෙන බවක් වාර්තා වී නැත.
දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ හිටපු අමාත්යවරුන්ද, උදය ගම්මන්පිල හිටපු පළාත් සභා අමාත්යවරයාද රැස්වීමට සහභාගිව සිටිති. දහස් සංඛ්යාත ජනකායක්ද රැස්වීමට එක්වී සිටිති.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය 'උසාවි දැක්කීමේ සැලසුමක්' තිබෙන බවට රැස්වීමේදී අදහස් දක්වමින් කියා සිටි ගම්මන්පිල පළාත් සභා මන්ත්රීවරයා, හිටපු ජනපතිවරයකු එසේ අධිකරණයට කැඳවීමට හැකියාවක් නැති බව සඳහන් කළේය.
























