හම්බන්තොට නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

පොලිස් ස්ථානයට කඩා පැන එහි සිටි සැකකරුවෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත් කිරීමයි ඔහුට ඇති චෝදනාව වන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිස් ස්ථානයට කඩා පැන එහි සිටි සැකකරුවෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත් කිරීමයි ඔහුට ඇති චෝදනාව වන්නේ
Published

හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අද එනම් 29 දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් නගරාධිපතිවරයා 30 වනදිනදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

ඒ මහතා එම නියෝගය කළේ 2014 මාර්තු 27 වන දින අම්බලන්තොට පොලිස් ස්ථානයට කඩා පැන එහි සිටි සැකකරුවෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත් කිරීම හා ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙනි.කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් 28 වන දා රාත්‍රී අත්තඩංගුවට ගැනුණු නගරාධිපතිවරයා හම්බන්තොට මහේස්ත්‍රාත්හමුවට ඉදිරිපත් කිරීම අද සිදු විය.

එහි දී නිලධාරීන් ඉදිරිපත් තළ කරුණු පරස්පර විරෝධී හෙයින් නැවත කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විභාගය කල් තැබීය. එදිනම -29- දහවල් යළි විභාගය කැඳ වූ මහේස්ත්‍රාත්වරයා කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා හට 30 වන දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබීය.

සැකකාර නගරාධිපතිවරයා 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ප.ව. 5.30 ට පමණ විශේෂ බන්ධනාගාර බස් රථයකින් නගරාධිපතිවරයාව තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

මෙම පුවත හම්බන්තොට සිට සංදේශය වෙත වාර්තා කළේ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින්.