පාකිස්තානයේ බස් රිය ප්රහාරයෙන් 43 මරුට

ඡායාරූප මූලාශ්රය, Getty
Published
පාකිස්තානයේ කරච්චි නගරයේ දී බස් රථයක ගමන් ගත් ඉස්මයිලී ෂියා මුස්ලිම් බැතිමතුන් පිරිසකට එල්ල කළ ප්රහාරයකින් 43 දෙනෙක් මිය යති.
තවත් 13 දෙනකු තුවාල ලැබූ බව නිලධාරීහු පැවසූහ.
මෙම පිරිස සිය දෛනික වන්දනා ගමනක නිරතව සිටි අතර යතුරු පැදි වලින් පැමිණි තුවක්කුකරුවන් බස් රථයට ගොඩවී වග විභාගයකින් තොරව ඔවුන්ට වෙඩි තබා තිබේ.

ඡායාරූප මූලාශ්රය, Getty
බස් රථයේ ගමන් කළ මගීන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමයින්.
ප්රහාරකයන් සුන්නි අන්තවාදීන් බවට සැක කරන බව පොලීසිය පවසයි.
පාකිස්තානයේ සුළුතර ඉස්මයිලි ජනගහනයට මෙලෙස විශාල වශයෙන් එල්ල කළ පළමු ප්රහාරය මෙය බව වාර්තාකරුවෝ පවසති.
























