අකුරැස්සේ දී මහින්ද උද්වේගතර අවස්ථාවක

ඡායාරූප මූලාශ්රය, Rahul Samantha Hettiarachchi
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අකුරැස්සේ එක්සත් ජනතා සන්ධාන රැළියකට සහභාගී වූ අවස්ථාවේ දී සිදුවූ සිද්ධියක් පිළිබඳව වීඩියෝ දර්ශන ඇතුළත් වාර්තාවක් මේ වන විට අන්තර් ජාලයේ විශාල වශයෙන් පැතිර යමින් තිබේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රැළියට සහභාගි වෙමින් සිටි පුද්ගලයකු වෙත උද්වේගයෙන් ගමන් කරන ආකාරයත් ඉන් අනතුරුව ආරක්ෂක නිලධාරීන් මැදිහත් වන ආකාරයත් එම වීඩියෝ පටයෙන් ප්රදර්ශනය කෙරේ.
පැමිණිලි කොට නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අකුරැස්සේ එක්සත් ජනතා සන්ධාන රැළියකට සහභාගී වූ අවස්ථාවේ දී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසියට පැමිණිල්ලක් ලැබී නැති බව පොලීසිය පවසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ වෙතින් හෝ පැමිණිල්ලක් නොලද බවයි පොලිස් ප්රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.
හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් පදිංචිව සිටින මිරිහාන ප්රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලද සුදු පැහැති වෑන් රථයේ සිටි පුද්ගලයන් යුද හමුදා සාමාජිකයන් බවට යුද හමුදාව විසින් තහවුරු කොට ඇති බවත් පොලිස් ප්රකාශකයා පැවසුවේය.
























