'සිරකරුවන්ද මිනිසුන්ය'
- Author, ප්රසාද් පුර්ණමාල් ජයමාන්න
- Role, කොළඹ සිට
- Published
බන්ධනාගාර ගත වුවන්ගේ මුලික මිනිස් අයිතීන් ආරක්ෂා කිරීමේ අරමුණින් අද කොළඹ දී සංවිධානයක් පිහිටුවා ගන්න ලදී. බන්ධනාගාර ගත වුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලෙසින් නම් කළ මේ සංවිධානයේ ලේකම් නන්දිමාල් සිල්වා වසර අටකට ආසන්න කාලයක් දේශපාලන සිරකරුවෙකු ලෙස සිරගතව සිටි අයෙකි.

ඡායාරූප මූලාශ්රය, bbc
තමා බන්ධනාගාර ගතව සිටියදී ලද අත්දැකීම් උපයෝගිකරගනිමින් බන්ධනාගාර ගතවුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම නව සංවිධානයේ ප්රධාන අරමුණ බව නන්දිමාල් සිල්වා පවසයි.
බන්ධනාගාර ගත වුවන්ට මුහුණ දීමට සිදුවන විපත් වලදී ඒ පිලිබදව කතා කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බව පැවසූ බන්ධනාගාර ගත වුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම්වරයා කිසිවෙකු උප්පත්තියෙන් වැරදිකරුවන් නොවන බවද පවසයි.මේ පිලිබදව කතා කිරීම සදහා කතිකාවතක් ඇති කල යුතු බවද නන්දිමාල් සිල්වා බන්ධනාගාර ගත වුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලේකම්වරයා කියයි.
නව සංවිධානය පිහිටුවාගන්නා අවස්ථාවට රටේ විවිධ ප්රදේශ වලින් ජනතාව පැමිණ සිටි අතර මතුගම සිට පැමිණ සිටි විතාන කම්කනාම්ලාගේ ලයනල්
" පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දිනක මම වැලිකඩ හිර ගේදරට ගියේ මගේ පුතාව බලන්න .මම ගිය ගමන් පුතා මට දතක් අතට දීල කිව්වා දත් දෙකක් ගැලවෙන්න ගැහුවා .මේ එක දතක් අනෙක් දත නැහැ කියලා . මම මේ ගැන පොලිසියට පැමිණිලි කල නමුත් කිසි දෙයක් වුනේ නැහැ . අන්තිමට වුනේ වරදක් නොකරපු පුතාව වැලිකඩින් මාරු කරන එකයි "

ඡායාරූප මූලාශ්රය, bbc
දකුණේ, දික්හෙනේ සිට පැමිණි එස්.ඒච්. කුසුමාවතී ගේ පවුලේ සහෝදරයන් තිදෙනෙකු බන්ධනාගාරව සිටි.මේ තිදෙනා වසර විස්සක කාලයක් බන්ධනාගාරව සිටින අතර මේ හේතුවෙන් පවුල සි සි කඩ ගිය බව කුසුමාවතී කියයි .
වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වර්ෂයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ කඩිනම් කල යුතු බවද අද අවධාරණය කෙරින.























