රණතුංග පවුලේ ජන්ද සටන

Published

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ සටනේ දැන් කාගේත් අවධානය යොමුවී තිබෙන්නේ රණතුංග පවුලේ ජන්ද සටන දෙසටයි. මින් පෙර වෙනත් දිස්ත්‍රික්කවලින් වෙනම පක්ෂවලින් ඔවුන් මැතිවරණයට ඉදිර්පත්වුවත් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම එකිනෙකාට විරුද්ධව ජන්ද සටනට පිවිසීම ගම්පහ මැතිවරණය තවත් උණුසුම් කොට ඇත.

බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංග හා හිටපු සන්ධාන මන්ත්‍රී රුවන් රණතුංග එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අතර හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග එක්සත් ජාතික පෙරමුණෙන් තරග වදී.

ගම්පහ උණුසුම් කළ මෙම රණතුංග පවුලේ චන්ද සටන ගැන බිබිසි වාර්තාකරු අසාම් අමින් බස්නාහිර මහා ඇමති ප්‍රසන්න රණතුන්ගගෙන් හා අමාත්‍ය අර්ජුන රණතුංග ගෙන් කරුණු විමසුවේය.

රණතුංග පවුලේ ජන්ද හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළ අතර අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසුවේ හොරුන් රකිම සදහා රණතුංගට පවුලට ලැදි අය ජන්දය ප්‍රකාශ නොකරනු ඇති බවයි.

වීඩියෝව නරඹන්න