ජනපති ලිපිය නැවත පළ කරන්න එපා - කොමසාරිස්

ඡායාරූප මූලාශ්රය, AFP
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් කුරුණෑගල දිස්ත්රික් මන්ත්රීධූරාපෙක්ෂක මහින්ද රාජපක්ෂ වෙත යවන ලද ලිපිය නැවත පළ කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ජනමාධ්යවලට නියෝග කොට තිබේ.
එළැඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්රහණය කළත් මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීමේ අදහසක් නැති බව ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කොට තිබුණි.
එම ලිපිය ජනමාධ්ය මගින් නැවත නවත ප්රචාරය කිරීමෙන් හිටපු ජනපතිවරයාගේ අපේක්ෂකත්වයට 'අගතියක් විය හැකි බැවින්' එම ලිපිය යළි ප්රචාරය කිරීමෙන් වලකින ලෙසයි, කොමසාරිස් මහින්ද දේශප්රිය දැනුම් දී තිබෙන්නේ.

ඒ පිළිබඳව නීතිඥ සංගම් දෙකක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්රේමජයන්ත හිටපු මන්ත්රීවරයාද තමන්ට කළ පැමිණිලි ප්රකාර එම නියෝගය නිකුත් කරන බවත් කොමසාරිස්වරයා පවසයි.
ජනාධිපතිවරයාගේ ලිපියේ සඳහන් කරුණු පිළිබඳව 'ඒකපාර්ශිකව කෙරෙන විචාර හෝ කරුණු පැහැදිලි කිරීම්' වලින්ද වලකින ලෙසත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය ජනමාධ්යවලින් ඉල්ලීමක් කරයි.
පක්ෂයේ අනෙකුත් ජ්යෙෂ්ඨයන්ට අගමැති කම ලබා ගැනීමට ඉඩ දෙන ලෙස සිය ලිපියෙන් ඉල්ලීමක් කරන ජනාධිපති මෛත්රිපාල සිරිසේන, 'ඒකාග්රතාවයෙන් සහ වාර්ගික සංහිඳියාවෙන් සපිරුණු නූතන ශ්රී ලාංකීය ජාතිකත්වය ගොඩනැගිය යුතු මොහොතක ජාතිවාදයේ ගිනි දළු අවුළුවා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කිරීම' බරපතල අපරාධයක් බවත් සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ දීර්ඝ ලිපියට ඉතා කෙටි ලිපියකින් ප්රතිචාර දක්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, 2015 ජනවාරියේ ජනමතයට තමන් ගරු කළ ආකාරයටම, ජනාධිපති මෛත්රිපාල සිරිසේනද මහමැතිවරණයේ ජනමතයට ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කොට තිබේ.

























