මැතිවරණ නීතී උල්ලංඝණය කිරීමේ වාර්තා

Published

මැතිවරණ ප්‍රචාරණය හමාර වීමෙන් අනතුරුව ගත වෙන කාලය සාමකාමිව ගත වෙතත් කුරුනෑගල සහ ඔට්ටමාවඩි ප්‍රදේශ වලින් මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂකයින් කියා සිටිති.

කුරුණෑගල දිස්ත්‍රික්ක යේ එක්සත් ජනතා සන්ධාන ආධාර කරුවන් ආගමික කටයුතු කරගෙන යන මුවාවෙන් මනාප අංක සහ සලකුණ සහිත වාහන වලින් ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා දීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව කැෆේ මැතිවරණ නිරීක්ෂක සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

රජිත් කීර්ති තෙන්නකොන්
ඡායාරූප ශීර්ෂ වැකිය, රජිත් කීර්ති තෙන්නකොන්

“එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහත්මයා කුරුණෑගල ධර්මාලෝක විහරස්ථානය්දී අද සිල් රෙදි බෙදා දීමක් සිදු කළා” යැයි තෙන්නකෝන් පැවසීය.

නැගෙනහිර

නැගෙනහිර පළාතේ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් එක අයෙක් මිය ගොස් ඇති බවත් එම සිදුවීම පිළිබඳව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තාවේ.

මඩකලපුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේකෂක අමීර් අලිගේ ආධාරකරුවෙක් වන වන ජේ.අමීන් ඔඩ්ඩමාවඩි හුදාපල්ලි මාර්ගයේ යතුරු පැදියකින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ බව කැෆේ මැතිවරණ නිරීක්ෂකයින් නිවේදනය කරයි.

පුර්ව මැතිවරණ සමය සාමකාමී

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දහසක් පමණ මැතිවරණ කොමසාරිස්වරයා වෙත වාර්තා වී ඇති නමුත් පෙර ට වඩා මෙවර පුර්ව මැතිවරණ සමය සාමකාමී එකක් වූ බව රජිත් කිර්ති තෙන්නකොන් කියා සිටියේය. පොලිසීය සහ මැතිවරණ කොමසරිස්වර්යා දැඩිව සහ අපක්ෂපාතිව නීතිය ක්‍රියාත්මක කිරීමට දක්වන කැපවීම මැතිවරණ නීති උල්ලංඝණය අවම කිරීමට හේතු වී ඇති බව රජිත් කිර්ති තෙන්නකොන් වැඩි දුරටත් කියා සිටියේය.