ශ්රීලනිප ප්රතිසංවිධානයට දස පුද්ගල කමිටුවක්

ඡායාරූප මූලාශ්රය, bbc
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සඳහා දස දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් අද (28) පැවැත්වුන මධ්යම කාරක සභා රැස්වීමකදීයි එම පියවර ගනු ලැබුණේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක එස්,බී.දිසානායක මහින්ද සමරසිංහ රන්ජිත් සියඹලාපිටිය සහ සරත් අමුණුගම ඇතුළු පක්ෂයේ ජ්යෙෂ්ඨ නායකයන් දස දෙනෙකු එම කමිටුවට ඇතුලත් වෙති.
ඊට අමතරව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංගත් එම දස පුද්ගල කමිටුව නියෝජනය කරන්නීය.
එම පක්ෂයේ මධ්යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ , සැප්තැම්බර් පහළොස් වෙනි දිනෙන් අනතුරුව පක්ෂය ප්රතිසංවිධානය කිරීම ආරම්භ කොට පිරවිය යුතු පුරප්පාඩු වේනම් ඒවා සම්පූර්ණ කොට අවශ්ය පියවර ගැනීමට තීන්දු කළ බවයි.
ජනාධිපති බලය

දැනට නිර්මාණය කෙරෙමින් පවතින ජාතික ඒකාබද්ධ ආණ්ඩුව පිළිබඳව මහජනයාට මෙන්ම දේශපාලන පක්ෂ වලටත් පැහැදිලි අවබෝධයක් නැතැයි සඳහන් කළ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්යම කාරක සභික ශාන්ත බණ්ඩාර ඒ ගැන මහජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් සඳහන් කළේය.
අගෝස්තු 17 මහමැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්ය තනි බලයක් නොලද බව සඳහන් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර වැඩි දුරටත් කියා සිටියේ එවැනි තත්වයක් යටතේ සුදුසු ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයාට බලයක් පවතින බවයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්යම කාරක සභාව අද (28) රැස් වූ විට නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය සඳහා තීන්දුවක් ගනු ඇතැයි දේශපාලන ආරංචි පළ වෙමින් තිබුනත් එවැනි පියවරක් ගනු නොලැබුණි.
විපක්ෂ නායකයා
එම පක්ෂයේ මධ්යම කාරක සභික හිටපු නියෝජ්ය ඇමති ශාන්ත බණ්ඩාර බීබීසියට ප්රකාශ කළේ විපක්ෂ නායක පදවිය තීන්දු කරනු ලැබීම පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයාට පැවරෙන බවයි.

ඡායාරූප මූලාශ්රය,
මේ අතර මී ළඟ විපක්ෂ නායකයා වශයෙන් හිටපු ඇමති එස්.බී.දිසානායක ඉදිරිපත් විය හැකි බවට වාර්තා පළ වෙමින් පවතිද්දී හිටපු කතානායක චමල් රාජපක්ෂ මාධ්යයට කියා තිබුණේ තමාගේ නම ඉදිරිපත් කෙරුනොත් ඒ ගැන සලකා බලන බවයි.
කෙසේ වුවද, ශ්රී ලංකා නිදහස් පක්ෂය තවමත් ඒ පිළිබඳව තවමත් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැත.



























