ශ්‍රී ලංකා ආණ්ඩුව හයිබ්‍රිඩ් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

'මේවා සියල්ල සාකච්ඡා මාර්ගයෙන් දේශීයව නිර්මාණය කරන යන්ත්‍රණයක් වන අතර කිසිඳු ජාත්‍යන්තර හෝ පුද්ගලයෙක් විසින් නිර්මාණය කරන යාන්ත්‍රණයක් නිවන බව ප්‍රකාශ කරන්න කැමතියි'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'මේවා සියල්ල සාකච්ඡා මාර්ගයෙන් දේශීයව නිර්මාණය කරන යන්ත්‍රණයක් වන අතර කිසිඳු ජාත්‍යන්තර හෝ පුද්ගලයෙක් විසින් නිර්මාණය කරන යාන්ත්‍රණයක් නිවන බව ප්‍රකාශ කරන්න කැමතියි'
    • Author, අසාම් අමීන්
    • Role, කොළඹ සිට
  • Published

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්දේශ කළ පරිදි යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමේ අභිලාෂයක් නොමැති බව අගමැතිවරයා පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළිදැක්වූ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්.

‘මේවා සියල්ල සාකච්ඡා මාර්ගයෙන් දේශීයව නිර්මාණය කරන යන්ත්‍රණයක් වන අතර කිසිඳු ජාත්‍යන්තර හෝ පුද්ගලයෙක් විසින් නිර්මාණය කරන යාන්ත්‍රණයක් නිවන බව ප්‍රකාශ කරන්න කැමතියි.මාධ්‍යයෙන් කියනවා මේ හයිබ්‍රිඩ් ඒ මේ කියලා. මේ ඔක්කොම ලංකාවේ කතා කරගෙන යන ඒවා.’ අගමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ජාත්‍යන්තර පරීක්ෂණයක් දක්වා තල්ලු වීමට මහින්ද රාජපක්ෂ රජය වගකිවයුතු බවයි අගමැතිවරයා එහිදී කියා සිටියේ.

ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ජාත්‍යන්තර පරීක්ෂණයක් දක්වා තල්ලු වීමට මහින්ද රාජපක්ෂ රජය වගකිවයුතු බවත්අගමැතිවරයා කියා සිටියි
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ජාත්‍යන්තර පරීක්ෂණයක් දක්වා තල්ලු වීමට මහින්ද රාජපක්ෂ රජය වගකිවයුතු බවත්අගමැතිවරයා කියා සිටියි

අතීතයේ සිදු වූ අප්‍රසන්න ක්‍රියාවලියන් යළි ඇති වීම වැළැක්වීමට නම් මේ රටේ සුළු ජාතීන්ගේ ගැටළු විසඳීම අත්‍යාවශ්‍ය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළේය.

‘ඔවුන්ගේ ගැටළු විසඳිය හැකි ආකාරයේ දේශපාලන විසඳුමක් කරා යෑම අත්‍යවශ්‍යයි. නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම තුලින් අපට එය කළ හැකියි. අතීතයේ කළ වැරදි නැවතත් කරන්න අපි සුදානම් නැහැ.මෙම ප්‍රශ්නය අපේ අනාගත පරපුරටත් බාර කරන්න අප සුදානම් නැහැ.’ අගමැතිවරයා කියා සිටියේය.

ජනවාරි මස පැවැත්වූ ජනාධිපතිවරණයේදී සහ අගෝස්තු මස පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජන වරම අනුව ජනාධිපතිවරයා සහ තම රජය, දේශපාලන විසඳුමක් කරා යෑමට සාකච්ඡා සහ සම්මුතිය තුළින් අවශ්‍ය පියවර ස්ථිරවම ගනු ලබන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කළේය.

'මෙම ප්‍රශ්නය අපේ අනාගත පරපුරටත් බාර කරන්න අප සුදානම් නැහැ'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'මෙම ප්‍රශ්නය අපේ අනාගත පරපුරටත් බාර කරන්න අප සුදානම් නැහැ'

සත්‍ය සෙවීම, සාධාරණය ඉෂ්ට කිරීම, හානිපූර්ණය, නැවත ගැටුම් ඇතිවීම වළක්වාලීම යන පුළුල් කරුණු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලියක අන්තර්ගත විය යුතු බවද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාවලිය සඳහාද ජාත්‍යන්තර මැදිහත් වීමක් නොමැති බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

මේ අතර ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

ආචාර්ය ඒටී ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස් යන අය සඳහා එම තිදෙනා අතර වෙති.