හමුදාපතිට සහ බුද්ධි අංශ ප්රධානියාට නොතීසි

ඡායාරූප මූලාශ්රය, Getty
අතුරුදහන්ව සිටින මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහුගේ බිරිඳ ඉදිරිපත් කල පත්සමේ වග උත්තරකරුවන් ලෙස යුධ හමුදාපති සහ යුධ හමුදා බුද්ධි අංශ ප්රධානියා නම් කිරීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ.
ඒ අනුව මෙම අදාළ පෙත්සම සම්බන්ධයෙන් මේ මස 30 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන මෙන් දන්වා අධිකරණය නොතිසි නිකුත් කළ බව, පෙත්සම ගොනු කළ එක්නැලිගොඩ මාධ්යවේදියාගේ බිරිඳ සන්ධ්යා එක්නැලිගොඩ කියා සිටියාය.
හමුදා බුද්ධි අංශය

පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා කියා සිටියේ ප්රගීත් එක්නැලිගොඩ මාධ්යවේදියා පැහැර ගෙන යාමට යුධ හමුදා බුද්ධි අංශයත් සම්බන්ධ බවට දැනට රහස් පොලිසිය සිදු කළ විමර්ශන වලින් අනාවරණය වී ඇති බවයි.
එම නිසා පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස යුධ හමුදාපති සහ යුධ හමුදා බුද්ධි අංශ ප්රධානියා නම් කිරීමට ඉඩ දෙන මෙන් පෙත්සම්කාර පාර්ශවය ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ නිලධාරීන් දෙදෙනා පෙත්සමේ වග උත්තරකරුවන් කිරීමට අවසර ලබා දුන්ණේය.
අතුරුදහන්ව සිටින ප්රගීත් එක්නැලිගොඩ මාධ්යවේදියා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ 2010 වසරේදී යි.
























