හින්දු, බෞද්ධ, මුස්ලිම් එකමුතු දීපාවලී උත්සවයක්

Published

අඳුර පරාජය කර ආලෝකය ලැබීම සහ අයහපත පරාජය කර යහපත උදා කර ගැනීම අරමුණු කර ගනිමින් රටපුරා දීපාවලී උත්සවය සැමරෙන අතරවාරයේ, හලාවත විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණ.

සියලු ආගමික නායකයන් ගේ සහභාගිත්වයෙන් එම උත්සවය සංවිධානය කර තිබුනේ සෙඩෙක් ආයතනය විසින්.

දශක ගණනාවක් යුද ගැටුම්වලින් පීඩා විඳ, එකිනෙකා කෙරෙහි අවිශ්වාසය වැපිරුණ සමාජයක සංහිඳියාව උදෙසා පල්ලිය පන්සල සහ හින්දු කෝවිල එක්වී දීපවාලි සැමරූ ආකාරය සිය කැමරා කාචයේ සටහන් කරගත්තේ ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න.