බංග්ලාදේශ විපක්ෂය මාධ්යවේදීන් දඩයමට එරෙහිව

ඡායාරූප මූලාශ්රය, Getty Images
Published
බංග්ලාදේශයේ ප්රසිද්ධ මාධ්යවේදියකු වන ශෆික් රෙහ්මාන් අත්අඩංගුවට ගනු ලැබීම බංග්ලාදේශ ජාතික පක්ෂය හෙලා දකියි.
ඔහු නිදහස් නොකරන්නේ නම් දැඩි ක්රියාමාර්ග ගන්නා බවට බංග්ලාදේශ ජාතික පක්ෂය එරට බලධාරීන්ට අනතුරු අඟවා ඇත.
ශෆික් රෙහ්මාන් සෙනසුරාදා උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ අග්රාමාත්යවරිය වන ෂේක් හසීනාගේ පුතු පැහැර ගෙන ගොස් මරා දැමීමට තැත් කළේ යැයි චෝදනා කරමිනුයි.
මාධ්යවේදී රෙහ්මාන් අගමැතිනී හසීනාගේ විරුද්ධවාදියෙකු ලෙස සැලකෙන අතර ඔහු බංග්ලාදේශ ජනතා පක්ෂයේ නායිකා ඛලිදා සියා ගේ උපදේශකයෙකු වශයෙන්ද කටයුතු කරයි.
විරුද්ධ පක්ෂයට හිතවාදී මාධ්යවේදීන් සිරගත කිරීමේ සිදුවීම් මාලාවේ නවතම සිදුවීම රෙහ්මාන් සිරගත කිරීම බවටයි වාර්තා වන්නේ.
























