බංග්ලාදේශ ඉස්ලාම් නායකයාගේ අභියාචනය ඉවතට

Published
බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාම්වාදී පක්ෂයේ නායකයා තමාට එරෙහිව අධිකරණය විසින් දෙනු ලැබූ මරණීය දණ්ඩන තීන්දුව ඉවත් කර ගැනීම පිණිස ඉදිරිපත් කළ අභියාචනාවෙන් පරාජයට පත්වීය.
ඒ අනුව ජමාත් එ ඉස්ලාම් පක්ෂයේ නායක මොටිඋර් රහ්මන් නිසාමිට පනවා ඇති මරණීය ශ්රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබ තිබේ.
වසර 45 කට පෙර බංග්ලාදේශ නිදහස් සටන පකිස්තානයට එරෙහිව පැවති කාලයේ දී කළ අපරාධ සඳහායි ඔහු වැරදිකරු බවට අධිකරණය තීරණය කර තිබුණේ.
හැත්තෑ දෙහැවිරිදි නිසාමි ජන සංහාරය, මිනීමැරුම්, ලිංගික දුෂණ සහ වද හිංසා ඇතුළු අපරාධ රැසක් සඳහායි වරදකරු බවටයි තීන්දුවූයේ.
දැන් නිසාමි ට මරණීය දණ්ඩනයෙන් මිදීමට ඇති එකම ක්රමය වන්නේ ජනාධිපති සමාව ලැබීම පමණක් බවයි පැවසෙන්නේ.

























