හදිසි අනතුරෙන් පසු රෝද කකුලෙන් ගමන් යන 'ජැක්'

වීඩියෝ ශීර්ෂ වැකිය, Jack the tortoise had an accident with a garden strimmer
Published

ගෙවත්තේ තණකොළ කපන යන්ත්‍රයට හසුවී එක් පාදයක් අහිමි වූ ඉබ්බෙකුට පශුවෛද්‍යවරුන් රෝදයක් සවිකර තිබේ.

එංගලන්තයේ හාර්ට්ෆර්ඩ් ප්‍රාන්තයේ ලැඩ්බරි වල ඉන්න මේ ඉබ්බාට දැන් කිසි අපහසුවකින් තොරව පාද තුන සහ රෝදයේ ආධාරයෙන් ඇවිදගෙන යා හැකියි.

ලීඩන් වේල් හි පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ එලී රොබින්ස් පැවසුවේ මෙවැනි ක්‍රමයක් නොයෙදුවේ නම් මෙම සතාට නිරතුරුවම නිදාගෙන සිටීමට සිදුවන බවයි.