අප්රිකානුවන්ට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග - ඉන්දියාව

ඡායාරූප මූලාශ්රය, Getty Images
Published
දිල්ලි අගනුවර වෙසෙන අප්රිකානු ජාතිකයන්ට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බවට ඉන්දීය ආණ්ඩුව ප්රතිඥා දී තිබේ.
මෑත කාලය තුළ සිදු වූ ප්රහාරවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවයි එරට අභ්යන්තර කටයුතු පිළිබඳ අමාත්ය රජනාත් සිං කියා සිටියේ.
අප්රිකානුවන්ට පහර දීමේ සිදුවීම් හයක්වත් මේ දක්වා වාර්තා වී තිබේ.
ත්රිරෝද රථයක් කුලියට ගැනීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුර දිග යෑමෙන් කොන්ගෝ ජාතිකයකුට පහර දී මරා දැමීමේ සිද්ධියක්ද ඒ අතර වේ.
එම සිදුවීම ඉන්දීය රජය සහ අප්රිකානු රටවල තානාපති සබඳතා කෙරෙහි අයහපත් බලපෑම් ඇති කිරීමටද මුල් විය.
මරුමුවට පත් පුද්ගලයාගේ මෘත ශරීරය කොන්ගෝ ජනරජය වෙත ගෙන ගොස් දීමට මේ වන විට ඉන්දීය බලධාරීන් ඉදිරිපත් වී තිබේ.
























