මැලේසියාවේ පළමු ඉස්ලාම්වාදී ගුවන්සේවය තහනම් කෙරෙයි

ඡායාරූප මූලාශ්රය, EPA
මැලේසියාවේ ප්රථම ඉස්ලාම්වාදී ගුවන් සේවය ලෙසට චෝදනා ලද 'රයානි එයාර්' ගුවන්සේවයට අයත් ගුවන් යානා වලට පියාසර කිරීම තහනම් කර තිබේ.
ගුවන් ගමන් පිලිබඳ නීති රීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි එසේ තහනමට ලක්වී ඇත්තේ.
ගුවන් ගමන් කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව (DCA) පැවසුවේ මගී ආරක්ෂාව සහ පරිපාලන කටයුතු පිලිබඳව පවතින ගැටළු හේතුවෙන් බලපත්රය අහෝසි කළ බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේ 'රයානි එයාර්' ආරම්භ කරන ලද්දේ හලාල් අහාර පමණක් ලබාදීම, මත්පැන් තහනම සහ ශරීරය නිරාවරණය කෙරෙන ඇඳුම් තහනම ආදී වූ නීති රීති ඉදිරිපත්කරමින්.
මෙම සමාගමට බෝයින් 737-400 ගුවන් යානා දෙකක් තිබෙන අතර ඒවාට එක් යානයක මගීන් 180 දෙනෙකු බැගින් රැගෙන යාමේ හැකියාව ඇත.
'රයානි එයාර්' ගුවන් සමාගමට නියමුවන් අට දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 50 ක් සිටින බව දැක්වේ

ඡායාරූප මූලාශ්රය, AP
සඳුදා ගුවන් ගමන් කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව (DCA) පැවසුවේ රයානි එයාර් ගුවන් සමාගමට වෙළඳ ගුවන්සේවයක් ලෙස ක්රියාත්මක වීමට මින්පසු ඉඩ නැති බවයි.
ගුවන්ගමන් නීති රීති වලට අනුගතවීමට අසමත් වීම හේතුවෙන් තුන්මසක සේවා අත්හිටුවීමක් ලබා සිටි අතරයි ආරක්ෂක තත්වය පිලිබඳ පරීක්ෂණ පැවැත්වූයේ.
මැලේසියාවේ ගුවන් ගමන් කොමිසම ප්රකාශයක් නිකුත්කරමින් පැවසුවේ රයානි එයාර් ගුවන් සමාගම ගුවන් ගමන් බලපත්ර කොන්දේසි (ASL) නීති රීති උල්ලංඝනය කර ඇති අතර ගුවන් සේවයක් ලෙස ක්රියාත්මක වීම සඳහා අවශය මුල්යමය හැකියාව සහ පරිපාලන හැකියාව නොමැති බවයි.
ප්රථමයෙන් සේවා අත්හිටුවීමකට තුඩු දී ඇත්තේ ගුවන් ගමන් වාර අත්හිටුවීම සහ නියමුවන් වැඩවර්ජනය කිරීම වැනි චෝදනා ලැබීමෙන් අනතුරුවයි.
ලැන්කාවී දුපතේ සිට ක්රියාත්මක වූ රයානි එයාර් ගුවන් සේවය ක්වාලාලම්පූර් අගනුවරටත් උතුරේ කොටා බහ්රු නගරය වෙතත් ගුවන් සේවා පවත්වමින් තිබුණු ගුවන් සේවයකි.
නුදුරු අනාගතයේ දී මැලේසියාවේ තවත් නගර සහ මැකා, හජි සහ උම්රා වන්දනාකරුවන් සඳහා සේවා සැපයීමටත් අපේක්ෂාවෙන් සිටි බවයි වාර්තා වන්නේ.



























