ලෝකයේ දීර්ඝතම විරෝධතා උපවාසය අවසන් කෙරෙයි

Irom Sharmila
ඡායාරූප ශීර්ෂ වැකිය, චානු වසරක් 16 ක් තිස්සෙ උපවාස කළේ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට හමුදාව සතු විශේෂ බලයට එරෙහිවයි
Published

ඉන්දියානු ක්‍රියාධාරිනියක වන ඉරෝම් ශර්මිලා විවාදාත්මක නීතියකට එරෙහිව වසර 16 ක් තිස්සෙ පවත්වාගෙන ආ උපවාසය අවසන් කළාය.

පසුගිය මාසයේ ඇය පැවසුවේ අඟහරුවාදා සිට තම උපවාසය අවසන් කොට ළඟදී පැවැත්වීමට නියමිත මනිපූර් ප්‍රාන්ත මැතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වන බවයි.

නිල නියෝගයකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඇතැම් අවස්ථාවන් වලදී ඕනෑම අයෙකුට වෙඩි තබා මරා දැමීමට හමුදාවට විශේෂ බලය ලබාදීමට එරෙහිවයි වසර දහසයක් තිස්සේ ඇය උපවාසයක නිරතවූයේ.

මනිපූර් ප්‍රාන්තයේ මෙන්ම ඉන්දියාවේ පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශ වලද ඉහත කී පොලිස් බලය ක්‍රියාත්මක වේ.

ඡායාරූප ශිල්පියෙකු වන ඉයන් තෝමස් ජැන්සන් පසුගිය වසර කිහිපයක් තිස්සේ ඇගේ ක්‍රියාවන් ලුහුබඳිමින් කැමරාවට හසුකර ගත්තේය.

Irom Sharmila sits within her room at the Jawaharlal Nehru Institute of Medical Sciences Hospital in Imphal on December 17, 2013

දශකයකට වැඩි කාලයක් නාසය තුළින් යැවූ බටයක් මගින් බලහත්කාරයෙන් අහාර ලබාදෙනු ලැබූ චානු තම උපවාසය ආරම්භ කළේ මනිපූර් හිදී ඉන්දියානු සොල්දාදුවන් විසින් සාමාන්‍ය වැසියන් දස දෙනෙකු මරා දැමීමෙන් පසුවයි.

Inside the room of Irom Sharmila Chanu is force fed a cocktail of medicines mixed with baby formula, through a feeding tube. It's estimated that it costs the government a minimum of $500 a week for her medicine and baby formula alone. December 17, 2013.

පසුගිය වසර 16 න් වැඩි කොටසක් ඇය ගත කළේ මනිපූර් හි ඉම්පාල් රෝහලේ වන අතර එහිදී බලහත්කාරයෙන් ඇයට බීම වර්ග සහ බෙහෙත් වර්ග ලබා දුන්නේ නාසයෙන් යැවූ බටයක් තුළිනි.

In this picture taken on 19 December 2013, she is guided into the Manipur High Court in Imphal by police guards.

ඇයට එරෙහිව තිබූ 'දිවි නසාගැනීමට උත්සාහ කිරීමේ' චෝදනාව 2014 වසරේ අගෝස්තු මාසයේ දී ඉවත දැමූ අධිකරණය ඇය නිදහස් කර යැවුවද ඉන් දින දෙකකට පසු නැවත අත්අඩංගුවට ගනු ලැබුණේ උපවාසය අත් හැරීමට ඇය අකමැත්ත පළ කිරීම හේතුවෙන්.

MS Chanu arrives from the secure wing of the Jawaharlal Nehru Institute of Medical Sciences Hospital (JNIMS) in a Imphal police van to appear for her bi weekly hearing at the Manipur High Court in Imphal, Manipur in India's North East, to reaffirm her now 14 year fast against the Armed Forces Special Powers Act, in-front of the court. Every 14th day, Sharmila must reaffirm, in front of the court, her desire to continue her fast, and every 14 days the courts rule that she is attempting to commit suicide and is then remanded to the secure wing of JNIMS. June 13, 2013.

සෑම සති දෙකකට වරක්ම ඇය මනිපූර් අධිකරණයට පැමිණ තම විරෝධය පල කළාය.

Irom Sharmila Chanu, commonly know as Sharmila or "the Iron Lady of Manipur," waits to be transported back to the secure wing of the Jawaharlal Nehru Institute of Medical Sciences Hospital (JNIMS) in a Imphal police van after appearing for her bi weekly hearing at the Manipur High Court in Imphal, Manipur in India's North East, to reaffirm her now 14 year fast against the Armed Forces Special Powers Act, in-front of the court. Every 14 day Sharmila must reaffirm, in front of the court, her desire to continue her fast, and every 14 days the courts rule that she is attempting to commit suicide and is then remanded to the secure wing of JNIMS. June 13, 2013.

ඇගේ විරෝධයට ලොවපුරා වධානය ලැබුණු අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ( Amnesty International) පැවසුවේ ඇය හෘදසාක්ෂියේ සිරකාරියක වී ඇති බවයි.

Surrounded by local press looking for a comment on the latest politcal upheaval from Irom Sharmila, June 13, 2013.

මෑතකාලයේ දී මේ ක්‍රියාධාරිනිය ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය වල දැඩි අවධානයට ලක් විය.

Meira Paibi's local female activists sit in a small shed built to house the supporters of Irom Sharmila, and Sharmila herself when she is released yearly. They sat to symbolically fast for four hours, November 4, 2013.

ප්‍රාන්තයේ මානව හිමිකම් සංවිධාන වලින් අයට විශාල සහයෝගයක් ලැබිණි

The Malom Massacre memorial and the Malom bus stop (left), lay along National Highway 150, and is the site of the killing of 10 civilians by the 8th Assam Rifles an Indian para-military force, after the troops had been attacked the day before in Malom Village. June 22, 2013.

ඉන්දියානු හමුදාව විසින් මනිපූර් හි සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු මරා දැමූ ස්ථානයේ ස්මාරකයක් ඉදිකොට තිබේ. මිලියන 2.5 ක ජනතාවක් සිටින මනිපූර් ප්‍රාන්තය තුල විශාල ආරක්ෂක හමුදා භට පිරිසක් ද හමුදා අනුබද්ධ කණ්ඩායම් සහ විශාල පොලිස් හමුදාවක්ද සේවයේ යොදවා ඇත.