හිමේ වැළලී යළි උපන් සුරතලුන්
Published
ඉතාලියේ හිම කඳු නාය යෑමෙන් විනාශයට පත් සංචාරක හෝටල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර දින පහක් පුරා සිර වී සිටි බලු පැටවුන් තිදෙනෙකු සහන සේවකයෝ බේරා ගත්හ.
මේ අතර විනාශයට පත් වූ හෝටලයේ සුන්බුන් අතරින් තවත් මළසිරුරු දෙකක් සොයාගැනීමට ඉතාලියේ ගිනි නිවන හමුදා භටයෝ අද (ජන.24) සමත්වූහ.
'රිගොපියානෝ' හෝටලය මත ටොන් ගණනාවක් බරැති හිම කඳු පතිත වූ අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ පුද්ගලයන් හතළිස් දෙනෙක් රැඳී සිටියහ.
ඒ අතුරින් දාහතර දෙනකු මියගොස් ඇති බව මේවන විට සනාථ වී තිබෙන අතර තවත් පහළොස් දෙනෙක් අතුරුදහන්ව සිටිති.
හිම කන්ද කඩාවැටීමෙන් එකොලොස් දෙනකු දිවි බේරාගත්හ.
සන්නිවේදන දුෂ්කරතා සහ දින ගණනාවක් මුළුල්ලේ ඇදහැලුණු හිම වර්ෂාව සම්බන්ධයෙන් ක්ෂණික ප්රතිචාරයක් පළකිරීමට අපොහොසත්වීම මෙතරම් පිරිසක් මියයාමට හේතුවූයේ දැයි ඉතාලි බලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති.


