ස්කොට්ලන්ත ජනමත විචාරණයේ ප්‍රචාරක කටයුතු ඇරඹේ

ඇලිස්ටර් ඩාර්ලින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇලිස්ටර් ඩාර්ලින් ජනමත විචාරණය විග්‍රහ කරන්නේ, අවිනිශ්චිත දිශාවකට ගමන් ගැනීම සඳහා ලැබුන ආපසු ඒමක් නැති ගමන් බල පත්‍රයක් හැටියට
Published

ස්කොට්ලන්තය එක්සත් රාජධානියේ කොටසක් හැටියට දිගටම රඳවා ගැනීම සඳහා මහජනතාව යොමුකර ගැනීමේ ප්‍රචාරක ව්‍යාපාරය අද ආරම්භ කෙරින.

මෙම ප්‍රචාරක ව්‍යාපාරය ඇරඹුණේ ස්කොට්ලන්තය නිදහස් රාජ්‍යයක් බවට පත් විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් තවත් අවුරුදු දෙකකින් ජනමත විචාරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී.

ස්කොට්ලන්තය දිගටම එක්සත් රාජධානියේ කොටසක් හැටියටම පැවතිය යුතු බවට ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ හිටපු කැබිනට් ඇමතිවරයකු වන ඇලිස්ටර් ඩාර්ලින්.

ස්කොට්ලන්තයේ අනාගතය තීන්දු කෙරෙන ජනමත විචාරණය ඇමතිවරයා විසින් විග්‍රහ කරනු ලබන්නේ, අවිනිශ්චිත දිශාවකට ගමන් ගැනීම සඳහා ලැබුන ආපසු ඒමක් නැති ගමන් බල පත්‍රයක් හැටියටයි.

ස්කොට්ලන්තය එක්සත් රාජධානියේ කොටසක් ලෙස පැවතීම එරටට ආර්ථික,සමාජ සහ දේශපාලනමය වශයෙන් වඩාත් වැදගත් වන බවයි, ඇලිස්ටර් ඩාර්ලින් හිටපු ඇමතිවරයා පවසන්නේ.