රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි විය යුතුයි - රුසියාව

Russian State Duma
ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශීය ඇඟිලි ගැසීම්වලින් ගැළවීමට මෙවැනි නීතියක් අවශ්‍ය කරන බව රුසියානු ආණ්ඩුව පවසයි
Published

පිටරට වලින් මුදල් ලබා ගන්නා රාජ්‍ය නොවන සංවිධාන, විදේශීය නියෝජිතයන් හැටියට ලියාපදිංචි විය යුතු යයි නිර්දේශ කෙරෙන යෝජනාවකට රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය පළවිය.

විදේශීය ඇඟිලි ගැසීම්වලින් ගැළවීමට එවැනි නීතියක් අවශ්‍ය කරන බවයි, රුසියානු ආණ්ඩුව කියා සිටින්නේ.

එහෙත් නව නීතිය සම්බන්ධයෙන් විරෝධය පළ කරන කණ්ඩායම් එය විග්‍රහ කරන්නේ ප්‍රතිවිරුද්ධමතධාරීන් මැඩලීමේ උත්සාහයක් හැටියටයි.

රුසියානු ආණ්ඩුවේ නව නීතිය අනුව ඉහත කී නිර්දේශය උල්ලංඝනය කරන්නන් විශාල පරිමාණයේ දඩ මුදලකට සහ සිර දඬුවමකට යටත් කළ හැකියි.

නව නීතිය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය තුළද සම්මත විය යුතු අතර, අනතුරුව ජනාධිපති පූතින්ගේ අත්සනින් පසුවයි එය බල පැවැත්වෙන්නේ.