එක්සත් ජාතීන්ගේ වාහනයකට පාකිස්ථානයේදී ප්රහාරයක්

ඡායාරූප මූලාශ්රය, AFP
Published
පාකිස්ථානයේ කරච්චි නගරයේදී තුවක්කු කරුවන් පිරිසක් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාහනයකට වෙඩි තබා ඇතැයි පොලීසිය ප්රකාශ කරයි.
ප්රහාරයෙන් එක්සත් ජාතීන්ගේ පෝලියෝ මර්ධන වැඩසටහනට අනුබද්ධ විදේශීය වෛද්යවරයෙක් සහ ඔහුගේ රියැදුරා තුවාල ලබා ඇති බවයි, පොලීසිය පවසන්නේ.
පෝලියෝ එන්නත ලබාදෙන සායනයක් කරා යමින් සිටියදී වෛද්යවරයා ප්රහාරයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.
පෝලියෝ රෝගය වසංගතයක් ලෙස පැතිර පවතින රටවල් තුනෙන් එකක් හැටියට පාකිස්ථානය නම් කර ඇති පාකිස්ථානය රෝගය සහමුලිම තුරන් කිරීම සඳහා සැකසූ වැඩපිළිවෙලක් පසුගිය සඳුදා සිට ආරම්භ කළ නමුත් තලිබාන් සටන්කාමීන් විසින් පෝලියෝ එන්නත ලබා දීමේ වැඩසටහනට විරෝධය පල කිරීම නිසා ගෝත්රික ජන කොටස් දිවිගෙවන ප්රදේශ වල එම වැඩපිළිවෙල අත්හිටුවීමට පාකිස්ථාන බලධාරීන් පියවර ගෙන තිබේ.
























