ගායියා දුරේක්‍ෂය අභ්‍යවකාශයට

Published
කියවීමේ කාලය: මිනිත්තු 1

යුරෝපා අභ්‍යවකාශ ආයතනය චක්‍රාවාටයේ කෝටි සංඛ්‍යාත තාරුකා සිතියම් ගත කිරීමේ අභිප්‍රායෙන් බල සම්පන්න දුරේක්‍ෂයක් කක්‍ෂගත කරනු ලැබ ඇත.

‘ගායියා’(Gaiya) යනුවෙන් නම් කරනු ලැබ ඇති දුරේක්‍ෂය කක්‍ෂගත කෙරුනේ ප්‍රංශ ගයනාවෙන්.

ඇතැමුන් එය විග්‍රහ කර තිබුණේ, මේ තාක් වූ වඩාත් අපේක්ෂා සහගත අභ්‍යවකාශ මෙහෙයුම ලෙසයි.

පස් වසරක ගමනක යෙදෙන ‘ගායියා’ දුරේක්‍ෂය කෝටි සංඛ්‍යාත තාරකා ගමන් මග මිනුම් කරමින් ක්‍ෂීර පථයේ ත්‍රිමාන සිතියමක් සකසනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

විශ්වයේ ඈත තාරකා වටා පරිභ්‍රමණය වෙමින් දැනට හඳුනා ගනු ලැබ ඇති ග්‍රහලෝක ද ඇතුළුව,අභ්‍යවකාශයේ ලක්‍ෂ සංඛ්‍යාත තවත් වස්තූන් ‘ගායියා’ දුරේක්‍ෂය මගින් අනාවරණය කර ගනු ඇතැයි ද අපේක්ෂා කෙරෙයි.

චක්‍රාවාටය පුරා

'ගයියා' විද්‍යාඥයෝ කාර්යබහුලව සිය නිර්මාණයේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ගයියා' විද්‍යාඥයෝ කාර්යබහුලව සිය නිර්මාණයේ.

කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ජෙරී ගිල්මෝ, දුරේක්‍ෂය අභ්‍යවකාශ ගත කෙරුණ ප්‍රංශ ගයනාවේ සිට කතා කරමින් ඔවුන්ගේ සාමූහික ප්‍රයත්නය පල දරනු ලැබීම නිසා තමා ඉදිරියේ ඇත්තේ ටොන් දහස් ගණනක ජීවිත සතුටක් බවයි කියා සිටියේ.

“ඒක මුළුමනින් අලුත් හෙළිදරව්වක්. අපි දැනට සෑහෙන දුරට දන්නවා අපේ සුර්යයා අවට තිබෙන දේ ගැන. ක්‍ෂීරපථය ඉතුරු හරිය ගැන දන්නේ ටිකයි. ඒකට හේතුව දුර මැනීමේ දුෂ්කරතාව. ඉතින් ගායියා තමයි මුල්ම යන්ත්‍රය මේ දුර මැනලා එක එක දේ තියෙන තැන පෙන්නා දෙන්න යන්නේ”. මහාචාර්ය ජෙරී ගිල්මෝ පවසයි.

ටොන් දහසක සතුට

ටී එම් ටී දුරේක්‍ෂයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ටී එම් ටී දුරේක්‍ෂයක්

“අපේ චක්‍රාවාටය ගැන තවත් තොරතුරු මෙන්ම අවට තියෙන වෙනත් චක්‍රාවාට වලිනුත් තොරතුරු දැන ගන්නට පුළුවන්. කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය හෙදර් කැම්බල් පවසන්නීය.

මහාචාර්ය ජෙරී ගිල්මෝ දුරේක්‍ෂ චාරිකාව උපමා කරන්නේ, කැප්ටන් කුක් දකුණු මුහුදේ සොයා ගත් දේ වලටයි.

“එයින් අපි ජීවත් වන ලෝකය ගැන දැනුම මුළුමනින්ම වෙනස් වුනා. අපි ජීවත් වෙන ක්‍ෂීර පථය පිළිබඳ දැක්ම මේ මගින් සම්පුර්ණයෙන් ම වෙනස් කෙරේවි. ‘ගායියා’ දුරේක්‍ෂයෙන් ගලා එන තොරතුරු අප්‍රමාණයි” මහාචාර්ය ජෙරී ගිල්මෝ පවසයි.