වොල්ගග්‍රාද් දුම්රිය ස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ කාන්තාවක විසින් බව බලධාරීහු පවසති
ඡායාරූප ශීර්ෂ වැකිය, මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ කාන්තාවක විසින් බව බලධාරීහු පවසති
Published

දකුණු රුසියාවේ වොල්ගග්‍රාද් නුවර මධ්‍යම දුම්රිය ස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව, සියලු දුම්රිය ස්ථාන සහ ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කරන මෙන් රුසියාවේ ආණ්ඩුව නියෝග කළේය.

වොල්ගග්‍රාද් නුවර දුම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් දාහතර දෙනකුවත් මරුමුවට පත් වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටී.

අලුත් අවුරුදු නිවාඩුවට අදාළ චාරිකා වෙනුවෙන් ඇති විශාල පිරිසක් දුම්රිය භාවිතා කරන අවස්ථාවකයි, එම ප්‍රහාරය එල්ල වූයේ.

ලබන වසරේ සෝචි නුවර පැවැත්වීමට නියමිත ශීත කාලීන ඔලිම්පික් උළෙලට පෙරාතුව ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න කිරීමට සන්නද්ධ කණ්ඩායම් උත්සාහ දරන බවට අවධානය පළ වෙමින් පවතී.

මරාගෙන මැරෙන ප්‍රහාරයට ගොදුරු වූ සියලු දෙනා වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා මෙන් ජනාධිපති ව්ලදිමීර් පූතින් නියෝග කළේය.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ කාන්තාවක විසින් බව රුසියාවේ ත්‍රස්ත මර්ධන ආයතනය පවසයි.