ජනාධිපති මිචෙල් රටින් පලා යයි

මධ්යම අප්රිකානු ජනරජයේ ජනාධිපති මිචෙල් ඩ්යොටඩියා රටින් පිටව බෙනින් රාජ්යයේ රැකවරණ ලබා ඇති බව වාර්තා වෙයි.
රට තුල උග්ර වෙමින් පවතින ආගම් වාදී ගැටුම් පාලනය කර ගැනීමට අසමත් වීම නිසා පදවියෙන් ඉවත් වෙන මෙන් ජනාධිපතිවරයාට විශාල ජාත්යන්තර බලපෑමක් එල්ල වෙමිනුයි තිබුණේ.
මිචෙල් ඩ්යොටඩියා දකුණු අප්රිකානු ජනරජයේ පළමු මුස්ලිම් ජාතික ජනාධිපතිවරයායි.
මධ්යම අප්රිකානු ජනරජයේ ප්රතිවිරුද්ධ සන්නද්ධ කණ්ඩායම් අතර දිගටම ගැටුම් සිදු වෙමින් පවතින බවත් වාර්තා වෙයි.
ඇඳිරි නීතිය නොතකා

‘බෙන්ගුයි’ අගනුවර පනවා තිබුණ ඇඳිරි නීතියත් නො තකා සිකුරාදා රාත්රියේ ඇති වූ ගැටුම් වල දී තුන් දෙනකුට වෙඩි තබා මර දමනු ලැබ ඇති බවයි ජාත්යන්තර රතු කුරුසය පවසන්නේ.
එවැනි ප්රචණ්ඩ ප්රහාර මධ්යයේ කොල්ල කෑම් ගැනත් වාර්තා ලැබෙමින් පවතී.
‘සේව් ද චිල්රන්’ශුභ සාදන ව්යාපාරයේ ක්රියාධරයෙක් අදහස් දක්වමින්, ගැටුම්කාරී තත්වයක් පවතින අතර වෙඩි හඬ ඇසෙන බවයි කියා සිටියේ.
ඇතැම් මහා මාර්ගවල සංචාරය කිරීම පවා ඉතා ම අනතුරුදායක බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මධ්යම අප්රිකානු ජනරජයේ කිතුනු - මුස්ලිම් ආගම්වාදී ගැටුම් පැතිර ගියේ ජනාධිපති ෆ්රාන්ෂුවා බෝෂිශේ පසුගිය වසරේ පදවියෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුවයි.



























