සුනන්දා ගේ මරණය ක්ෂණික හා අස්වාභාවික එකක්

Shashi Tharoor
ඡායාරූප ශීර්ෂ වැකිය, තමන් ඉතා සතුටුදායක විවාහ ජීවිතයක් ගතකරන බවට ඔවුන් ප්‍රකාශයක් කර තිබුණි
Published

ඉන්දියානු රජයේ ප්‍රමුඛ පෙළේ අමාත්‍යවරයෙක් වන ශෂී තාරූර් ගේ බිරිඳ ක්ෂණික හා අස්වාභාවික මරණයකට ගොදුරු වී ඇති බව මුලික මරණ පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල මගින් අනාවරණය වන්නේ යැයි දොස්තර වරු පවසති.

සුනන්දා පුෂ්කර් නවදිල්ලියේ හෝටලයකදී මියගොස් ඇති බව සොයා ගනු ලැබුවේ ඇගේ සැමියා පකිස්තානු මාධ්‍ය වේදිනියක් සමග අනියම් සබඳතාවක් පවත්වන බවට Twitter සමාජ වෙබ් අඩවියේ පළවූ පණිවුඩ මාලාවකින් පසුවයි.

අමාත්‍ය ශෂී තාරූර් ද හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා සෙනසුරාදා උදෑසන රෝහලින් පිටව ගිය බව දොස්තර වරු පැවසුහ.

පලවූ Twitter පණිවුඩ මාලාවට දෝෂාරෝපණය කළ ඔවුන් දෙදෙන තමන් ඉතා සතුටුදායක විවාහ ජීවිතයක් ගතකරන බවට ප්‍රකාශයක් කර තිබුණි.

ශෂී තාරූර් එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් ජෙනරාල් ලෙස වසර ගණනාවක් සේවය කළ අයෙකි.

ඔහු එවකට ඩුබායි හි ව්‍යාපාරික කාන්තාවක් වූ සුනන්දා පුෂ්කර් සමග විවාහ වුයේ 2010 වසරේදීය.