නුපුහුණු ගුරුවරු නිසා ළමා අධ්‍යාපනයේ පිරිහීමක්

හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක ගුරුවරු ජාතික මට්ටමේ පුහුණුවක් ලබා නොමැත
ඡායාරූප ශීර්ෂ වැකිය, හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක ගුරුවරු ජාතික මට්ටමේ පුහුණුවක් ලබා නොමැත
Published

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපනික සංවිධානය (UNESCO) පවසන අන්දමට බොහෝ රටවල අධ්‍යාපනයේ පවතින දුර්වලතා හේතුවෙන් ළමුන්ගේ ඉගෙනීමේ අවස්ථා සපුරාලීමට අසමත් වී තිබේ.

එම සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව පවසන්නේ අවම වශයෙන් බිලියන කාලක් පමණ වූ ළමයින් ලිවීමේ හා කියවීමේ මෙන්ම ගණන් කිරීමේ මුලික දැනුම්වත් නොලබා ඇත්තේ ඔවුන් ගේ ගුරුවරු ක්‍රමවත් පුහුණුවක් ලබා නැතිකමින්.

තුනෙන් එකක් පමණවූ රටවල් ප්‍රමාණයක හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක ගුරුවරු ජාතික මට්ටමේ පුහුණුවක් ලබා නොමැති අතර පකිස්ථානය මේ අතරින් වඩාත් දුර්වල තත්වයක පවතින රටයි.

ඉස්ලාමාබාදයේ සිටින බී බී සී වාර්තාකරු පවසන අන්දමට මුලික කියවීම හා ගණිතය පිලිබඳ දැනීමක් ඇත්තේ එරට ළමුන්ගෙන් තුනෙන් එකකට පමණයි.