ඉන්දීය පාර්ලිමේන්තුවේ රසායනික ප්‍රහාරයක්

ඉන්දීය මන්ත්‍රීවරයකු වන කේ.නාරායන රාඕ රෝහල වෙත ගෙන යන අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය මන්ත්‍රීවරයකු වන කේ.නාරායන රාඕ රෝහල වෙත ගෙන යන අයුරු
Published

මන්ත්‍රීවරයකු සැර රසායනික දියරයක් ඉසීම හේතුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුව තුළ අද ව්‍යාකුල තත්වයක් හට ගැනුණි.

දකුණු දිග අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය දෙකඩ කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති මතභේදකාරී සැලැස්ම විවාදයට ගත් අවස්ථාවේ දීයි මේ සිද්ධිය හට ගැනුණේ.

පාලක කොන්ග්‍රස් පක්ෂයේ දේශපාලකයකු වන මන්ත්‍රීවරයා වීදුරුවක් කුඩු කර දමමින් තම සහෝදර මන්ත්‍රීවරුන් ට 'Pepper Spray' නමින් හැඳින්වෙන දියරය එල්ල කොට ඇත.

අනතුරුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් මන්ත්‍රීවරයාගේ හැසිරීම වළක්වා තිබේ.

මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.

තෙලන්ගානා ප්‍රාන්තය

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වෙන් කොට තෙලන්ගානා නමින් නව ප්‍රාන්තයක් පිහිටුවීමේ සැලැස්මට කොන්ග්‍රස් පක්ෂය අනුමතිය පල කොට ඇත.

නමුත් එම සැලැස්ම පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතුව තිබේ.

එහෙත් ඊට පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකුගේ විරෝධය පලවෙයි.