කඩා වැටුණු නේපාල ගුවන් යානයේ 18 දෙනාම මරුට

Published

ඉරිදා නේපාලයේ දී අතුරුදහන් වූ මගී ගුවන් යානයේ සුන් බුන් හමු වූ බව නේපාල බලධාරීහු පවසති.

මෙම ගුවන් යානය අනතුරට පත් වන විට ඒ තුළ සේවක පිරිස ඇතුළු මගීන් දහ අට දෙනෙකු සිටි අතර ඔවුන් සියලු දෙනාගේම මළ සිරුරු සොයා ගෙන තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ගුවන් යානය අනතුරට පත් වී ඇති බවයි ගුවන් සේවා බලධාරීන් පවසන්නේ.

නේපාලයේ ගුවන් යානා නඩත්තුව පිළිබඳව විවේචන එල්ල වී ඇති අතර පසුගිය දෙසැම්බරයේ සියලුම නේපාල ගුවන් යානා යුරෝපා හවුලේ රටවල තහනමට ලක් විය.