රාජීව් ඝාතනය: වරදකරුවන් නිදහස් කිරීම අත්හිටුවයි

ඡායාරූප මූලාශ්රය, AFP
Published
හිටපු ඉන්දීය අගමැති රාජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට තමිල්නාඩුව ගත් තීරණය අත්හිටුවීමට ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
තමිල්නාඩු ප්රාන්ත ආණ්ඩුව මෙම තීරණය ගැනීම සඳහා ගෙන ගිය ක්රියා පටිපාටියේ අඩු ලුහුඬු පවතින බව පවසමින් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය විසින් ඊට එරෙහිව නීතිමය අභියෝගයක් මතු කරන ලදී.
රාජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිටින හත් දෙනාගෙන් තිදෙනෙකු නිදහස් කිරීමට ගත් තීරණය සියළුම අධිකරණ මුලධර්මයන්ට පටහැනි බවයි ඉන්දීය අගමැති මන්මෝහන් සිං කියා සිටියේ.
රාජීව් ඝාතනයට වරද කරුවන් වී සිටින හත් දෙනාම දෙමළ කොටි සංවිධානයට සම්බන්ධකම් පැවැත්වූ අයයි.
මේ පිළිබඳව නඩු විභාගයක් මාර්තු හය වෙනිදා පැවැත්වීමට නියමිතයි.























